කොළඹ ජාතික කෞතුකාගාරයේ නිලධාරින් පිරිසකට කොවිඞ් 19 වයිරසය ආසාදනය වීම නිසා කෞතුකාගාරගය සති දෙකකට වසා දැමීමට එහි පාලනාධිකාරිය පියවර ගෙන ඇත.
නිලධාරින් 15 දෙනෙකුට පමණ වයිරසය ආසාදනය වී ඇතැයි විශ්වාස කරන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවැසීය.
මේ වනවිට එහි කාර්ය මණ්ඩලය පී සී ආර් පරික්ෂණවලට ලක් කරමින් සිටින බව ද එම නිලධාරියා සඳහන් කළේය. කෞතුකාගාරය විවෘතව තැබීමෙන් මහජනතාවට රෝගය පැතිර යා හැකි බැවින් ද කාර්ය මණ්ඩලයට තව දුරටත් බෝවීම පාලනය කිරීම සඳහා ද මෙම පියවර ගත් බව හෙතෙම පැවැසුවේය.
මේ අතර අනෙක් කෞතුකාගාර දින කිහිපයකට වසා දමනවා ද යන්න ගැන අධ්‍යාපන අමාත්‍යංශ්‍ය තීරණය කරනු ඇතැයි ද ඔහු තව දුරටත් කියා සිටියේය
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්