ඊයේ (11) දිනයේ කොළඹ නගරසභා සීමාව තුළ සිදුකළ පීසීආර් පරීක්ෂණයන්ගෙන් කොවිඩ් ආසාදිතයින් 364ක් වාර්තා වු බවත් එය භයානක තත්ත්වයක් බවත් කොළඹ පුරපතිනි, රෝසී සේනානායක මහත්මිය පැවසුවාය.
අහඹු පීසීආර් පරීක්ෂණ සිදුකිරීමේ දී සියයට 5ක ප්‍රමාණයක් ආසාදිතයින් හමුවීමේ ප්‍රවණතාවයක් පැවති බව ඇය සඳහන් කළාය.
“එහෙම කතා කරද්දි ලක්ෂ 6ක ජනගහණයක් ඉන්න තැනක දළ වශයෙන් කියන්න පුළුවන් සියයට 5 නම්, 30000ක වැනි ප්‍රමාණයකට පරීක්ෂණ නොකරන අයට මේ වන විට කොවිඩ් රෝගය වැළඳී ඇති කියන එක.“ රෝසී සේනානායක මහත්මිය පැවසුවාය.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්ය සේවක වැටුප් වැඩිවෙන හැටි