කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා.
ඒ අනුව එළඹෙන සෙනසුරාදා උදෑසන 8.00 සිට එදින මධ්‍යම රාත්‍රී 12 දක්වා බවයි එම මණ්ඩලය කියා සිටියේ.
කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බලප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බලප්‍රදේශ, කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බලප්‍රදේශ සහ රත්මලාන යන ප්‍රදේශ සදහා ජල සැපයුම අත්හිටුවන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
අඹතලේ ජල පවිත්‍රාගාරයට විදුලි සැපයීමෙහි අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරනවා.
More Stories
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්