කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 05කට වහාම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කර තිබේ.
බලධාරින් පවසන පරිදි මට්ටක්කුලිය, මෝදර, බ්ලූමැන්ඩල්, ග්‍රෑන්පාස් සහ වැල්ලම්පිටිය යන පොලිස් බලප්‍රදේශ සඳහා සඳුදා උදෑසන 5.00 දක්වා නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසන්නේ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශ මත නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බවය. ඒ ප්‍රදේශවල මෙන්ම ඒ ආශ්රිත ප්‍රදේශවලින් හමුවු කොවිඩ් ආසාදිතයන් පිළිබඳව සලකා බලා නිරෝධායන කටයුතු සිදුකිරීමට මෙම ඇඳිරි නීතිය උපයෝගි කරගනු ඇත. ඒ අනුව එම පොලිස්බල ප්‍රදේශවල ජීවත් වන ජනතාව සංචරණය සම්පූර්ණයෙන්ම සීමාකර නිවෙස්වලට වී රැඳී සිටිය යුතු බව පොලිසිය අවධාරණය කරයි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්