එකම රේසරයකින් ඊයේ (07 වැනිදා) කපා දැමීමේ සිද්ධියක් හේතුවෙන් දෙමව්පියෝ නොසන්සුන්තාවකට පත්ව සිටිති.
රැවුල් කපා ගැනීමට නව රේසරයක් ගෙන ඒම සඳහා පාසලෙන් පිටතට යාමට සිසුන් ඉල්ලා ඇතත් සිසුන්ගේ රැවුල් පරීක්ෂා කළ ශිෂ්‍ය නායකයන් ඒ සඳහා ඉඩ දී නැත. ගේට්ටුව අසල සිට ඇති ශිෂ්‍ය නායකයන් රැවුල් වැවී ඇති සිසුන් එම ස්ථානයේ රඳවාගෙන රැවුල් කපාගැනීම සඳහා ලබා දී ඇත්තේ එකම රේසරයකි. එම අවස්ථාවේ ඇතැම් සිසුන් ප්‍රකාශ කර ඇත්තේ නව රේසරයක් මිල දී ගෙන ඒමට පිටතට යාමට අවස්ථාව ලබා දෙන ලෙස ය. “පිටට යන්න දෙන්න බැහැ ඕකෙන් කපා ගනිං” යනුවෙන් ශිෂ්‍ය නායකයන් ප්‍රකාශ කරමින් එකම රේසරයෙන් රැවුල කපා ගන්නා ලෙස තමන්ට බල කළ බව මෙම සිද්ධියට මුහුණ දුන් සිසුවෙක් පැවැසීය.
දෙමව්පියන් ප්‍රකාශ කරන්නේ කොරෝනා වසංගතය පවතින මෙවන් අවස්ථාවක දරුවන් එකම රේසරයක් පාවිච්චි කිරීමේ අවදානම පිළිබඳව විදුහල් පරිපාලනය ශිෂ්‍ය නායකයන් දැනුවත් නොකිරීම බලවත් වරදකි.
නිලන්ත මදුරාවල
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති