කොළඹ දිස්ත්‍රික්කයේ හුදකලා කර තිබූ මහල් නිවාස සංකීර්ණ 06 ක එම හුදකලාභාවය අද උදාසන 06 සිට ඉවත් කල බව යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
කෙසේවෙතත් එම නිවාස සංකීර්ණ අයත් පොලිස් බල ප්‍රදේශවල හුදකලාභාවය අඛණ්ඩව ක්‍රියාත්මක බවයි යුධ හමුදාපතිවරයා සඳහන් කලේ.
ඒ අනුව, මට්ටක්කුලිය රන්දිය උයන – මෝදර මෙත්සඳ සෙවණ – මෝදර මිහිජය සෙවණ – ග්රෑන්ඞ්පාස් මුවදොර උයන – ග්රෑන්ඞ්පාස් සමගිපුර සහ දෙමටගොඩ මිහිඳුසෙත්පුර යන නිවාස සංකීර්ණ හුදකලාභාවයෙන් ඉවත් කෙරුණා.
අදාල නිවාස සංකීර්ණවල සිදුකල යුතු පී සී ආර් පරීක්ෂණ නිම කිරීමෙන් පසු ලද ප්‍රථිඵල පදනම් කරගනිමින් මෙම තීරණය ගත් බවයි යුධ හමුදාපතිවරයා කියාසිටියේ.
තවත් නිවාස සංකීර්ණ 07 ක හුදකලාභාවය තවදුරටත් ක්‍රියාත්මක වන බව ද යුද හමුදාපතිවරයා කියාසිටියා.
පසුගිය 07 වෙනිදා මෙත්සඳ සෙවණ නිවාස සංකීර්ණයේ පරීක්ෂණ 986 ක් සිදුකර ඇති අතර ඉන් ආසාධිතයන් 86 දෙනෙකු හමුවී තිබෙනවා.
මට්ටක්කුලිය රන්දිය උයනේ පරීක්ෂණ 1264 කින් 40 දෙනෙකුද / මෝදර මිහිජය සෙවණ නිවාස සංකීර්ණයේ පරීක්ෂණ 554 කින් 78 ක්ද ආසාධිතයන් ලෙස වාර්තා වූ බවයි හමුදාපතිවරයා සඳහන් කලේ.
ග්රෑන්ඞ්පාස් මුවදොර උයන සංකීර්ණයේ පරීක්ෂණ 870 කින් ආසාධිතයන් 24 දෙනෙකුද / සමගිපුර නිවාස සංකීර්ණයේ 260 ක් අතුරින් දෙදෙනෙක් ද / මිහිදුසෙත්පුර 840 ක් අතුරින් 34 ක් ද ආසාදිතයින් ලෙස හමුවී තිබෙනවා.
එම ආසාධිතයින් නිවාසවලින් ඉවත් කර ගත් බැවින් නිවාස සංකීර්ණයේ තවදුරටත් කොවිඞ් ආසාදිතයින් නොමැති බවට තහවුරු කර ගැනීම හේතුවෙන් එම නිවාස සංකීර්ණ හුදකලාභාවයෙන් ඉවත් කල බව ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කලා.
සෙසු නිවාස සංකීර්ණ 07 හි පදිංචි පුද්ගලයන් තවදුරටත් පරීක්ෂණයට භාජනය කෙරෙන අතර ඉදිරි පැය 48 හෝ 72 ඇතුළත ඒවාද හුදකලාභාවයෙන් ඉවත් කිරීමට බලාපොරොත්තු වන බව යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කලා.
More Stories
එජාප – සජබ හවුලට එජාප කෘත්‍යාධිකාරියෙන් අනුමැතිය
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්