උඩරට දුම්රිය මාර්ගයේ සිදු වු පීලි පැනීමක් නිසා කොළඹ – බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය අද (01) ධාවනය නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
මේ අතර , නාවලපිටිය සිට නානුඔය දුම්රිය ස්ථානය දක්වා භාණ්ඩ ප්‍රවාහන කළ දුම්රියක් හැටන් දුම්රිය ස්ථානය අසළදි අද (01) පස්වරු 5.30ට පීලි පැනීමට ලක්ව ඇත.
එම දුම්රියේ සෙසු මැදිරි පීලි පැන ඇති දුම්රිය මැදිරියෙන් ගලවා ඉවත් කර හැටන් දුම්රිය ස්ථානය දක්වා ධාවනය කර තිබෙනවා.
අද (01) උදැසනද මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වු භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ඉන්ධන ප්‍රවාහන ටැංකියක් අඹේවෙල සහ පට්ටපොල දුම්රිය ස්ථාන අතර පීලි පැනීමට ලක් විය.
පීලි පැන ඇති දුම්රියන් දෙකම කඩිනමින් පීලිගත කිරිමේ කටයුතු ආරම්භ කර ඇති බව දුම්රිය පාලක මැදිරිය පැවසීය.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට