අදියර කිහිපයක් යටතේ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ රාජකාරී කටයුතු අද(09) සිට ආරම්භ කෙරෙන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසනවා.
ඒ අනුව එහි අධිවේගී තැපෑල, ව්‍යාපාරික තැපෑල සහ දේශීය අධිවේගී කුරියර් සේවා අද(09) සිට ආරම්භ කිරීමට නියමිතයි.
ලියාපදිංචි ලිපි අංශයේ තේරීම් කටයුතු හෙට(10) සිට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති අතර කොළඹ නගරයේ සහ තදාසන්න ප්‍රදේශයන්හි රජයේ කාර්යාල වෙත ලියාපදිංචි ලිපි බෙදීමේ කටයුතු බදාදා(11) දින සිට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.
තැපැල්පතිවරයා පවසන්නේ සීමිත කාර්ය මණ්ඩලයක් යොදා ගනිමින් රාජකාරී කටයුතු ආවරණය කිරීම හේතුවෙන් යම් යම් ප්‍රමාදයන් ඇති විය හැකි බවයි.
අහඹු ලෙස සිදු කරන ලද පී.සී.ආර්. පරීක්ෂාවලින් පසුව සේවකයන් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වීමෙන් පසුව පසුගිය පස් වැනිදා සිට තාවකාලිකව කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වසා දැමුණා.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි