කොළඹ වරායේ සිට ඉන්දියාවේ හල්දියා වරාය වෙත ගමන් කරමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ඉන්ධන කාන්දුවක් සිදුව තිබේ.
පසුගිය 16 වනදා කොළඹ වරායෙන් ගමන් ආරම්භ කළ පෘතුගාලයේ ලියාපදිංචි “එම්.ඩී ඩෙවෝන්” නම් නෞකාවේ ඉන්ධන ටැංකියකට හානි සිදුවීමත් සමඟ එම ඉන්ධන කාන්දුව හටගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
චෙන්නායි සිට නාවික සැතපුම් 250ක් පමණ දුරින් වූ මුහුදේ යාත්‍රා කරමින් තිබියදී නෞකාවේ ඉන්ධන කාන්දුව පිළිබඳ තොරතුරු වාර්තා වූ බව ඉන්දීය වෙරළාරක්ෂක බලකාය සඳහන් කර තිබේ.
මේ හේතුවෙන් ඉන්ධන කිලෝලීටර් 10ක් පමණ මුහුදට කාන්දුවී ඇති බව වාර්තා වී ඇත.
කෙසේවෙතත් හානි සිදු වූ ඉන්ධන ටැංකියේ ඉතිරි ඉන්ධන වෙනත් ටැංකියක් වෙත මාරු කිරීමට නෞකාවේ කාර්යය මණ්ඩලය පියවර ගෙන තිබේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්