පෞද්ගලික සමාගමක්, කොළඹ වරාය නගරයේ රෝහල් ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි රජය පවසයි. එය ඇමරිකානු ඩොලර් මිලියන 100ක ආයෝජනයක් යටතේ සිදු කිරීමට නියමිත ය. 2023 අංක 2 දරන කොළඹ වරාය නගර නියෝග අනුව එම ව්‍යාපෘතිය නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම් ප්‍රදානය කිරීම සඳහා සුදුසුකම් සපුරා ඇති බව ද අමාත්‍ය මණ්ඩල හමුවේ දී අනාවරණය කෙරිණ.
ඒ අනුව, එම විධිවිධාන යටතේ එය ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ව්‍යාපාරයක් ලෙස ගැසට් පත්‍රයේ නියමයක් මගින් ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊට අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇත.
More Stories
ප්‍රමාද වූ සියලු පාස්පෝට් මාසයක් ඇතුළත නිකුත් කිරීමට පියවර
චීනයේ ග්රාමීයව ජීවත් වන සාමාන්‍ය පුද්ගලයකුගේ වැය කළ හැකි ශේෂය 2024 වසරේ දී කැපී පෙනෙන වර්ධනයක
ගෝලීය කටයුතුවලදී ජර්මනිය සහ යුරෝපා සංගමය වැදගත් කාර්යභාරයක් ඉටු කිරීම, චීනයට සතුටක්– චීන විදේශ අමාත්‍යංශය