රටේ ස්වෛරීභාවය සහ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැපවී කටයුතු කරන බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.
අද (16) පෙරවරුවේ අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය මහ ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.
කොළඹ වරාය නගරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව නීති විශාරදයින්ගේ මතය විමසා ඒ අනුව කටයුතු කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පියවර ගන්නා බව ද ඔහු එහිදී ප්‍රකාශ කළේය.
රටට ආයෝජන ගෙන ආ යුතු නමුත් රටේ නිදහස, ස්වාධීනත්වය සහ ස්වෛරීභාවය ආරක්ෂා කර ගැනීම අත්‍යවශ්‍ය කරුණක් බව මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පෙන්වාදෙයි.
- Ada Derana
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්