කොළඹ වරාය නගර ගිවිසුම වෙනස් කිරිම හේතුවෙන් වරාය නගරයෙන් ශ්‍රී ලංකා රජයට අයිති විය යුතුව තිබූ ඉඩම් විශාල ප්‍රමාණයක් අහිමි වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ මෙම තත්ත්වයට යහපාලන රජය වගකිව යුතු බවයි.
වීරකැටියේ පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.
එමෙන්ම මෙම තත්ත්වය වෙනස් කිරීම සඳහා වරාය නගර ගිවිසුම සංශෝධනය කිරීම සම්බන්ධයෙන් වර්තමාන රජය අවදානය යොමු කර ඇති බවද අගමැතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.
වරාය නගරයෙන් අහිමි වූ ඉඩම් ප්‍රමාණය නැවත ලබා ගැනීමට ද රජය මේ වන විටත් කටයුතු කරමින් සිටින බවද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහිදී අවධාරණය කර තිබුණා.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ