ඇඳිරිනීතිය ලිහිල් කිරීමත් සමග කොළඹ නගරයේ සහ ආශ්‍රිත ප්‍රදේශවල වාතයේ ගුණාත්මකභාවය අඛණ්ඩව පහත වැටෙමින් තිබේ.
ඇඳිරිනීතිය පැවැති කාලයට සාපේක්ෂව මේ වන විට අදාළ ප්‍රදේශවල වාතයේ ගුණාත්මකභාවය 150%කින් පහත වැටී ඇතැයි පවසන ගොඩනැගිලි පර් යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි පවසයි.
ඉදිරි සතිය ඇතුළත තවදුරටත් නගරය කරා වාහන පැමිණීමත් සමග වාතයේ ගුණාත්මකභාවය තවදුරටත් පහත වැටෙනු ඇතැයි ද ගොඩනැගිලි පර් යේෂණ ආයතනය අපේක්ෂා කරයි.
මේ අතර පසුගිය මාස 02ක කාලයේදී කොළඹ නගරයේ සිට දැකගත හැකි වූ සබරගමු පළාතට මෙන්ම මධ්‍ය කඳුකරයට අයත් ඇතැම් කඳු පන්තීන් මේ වන විට වාතයේ දූෂිත බව හේතුවෙන් දර්ශනය නොවන බවද එම ආයතනය පවසයි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්