කොළඹ විශ්වවිද්‍යාලය සතු ඉඩම් දෙකක් අත්පත් කර ගැනීමට නාගරික සංවර්ධන අධිකාරිය සහ කුසලතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ සහ නවෝත්පාදන අමාත්‍යාංශය උත්සාහ දරමින් සිටින බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය චෝදනා කරනවා. එම සංගමය පෙන්වා දෙන්නේ කිසේස්ත්ම මෙම ඉඩම් විශ්වවිද්‍යාලයට අහිමි වීමට ඉඩ නොතබන බවයි.
මින් එක් ඉඩමක් කොළඹ 02 මුත්තයියා පාරේ පිහිටා ඇති අතර එය අක්කර 2.5 කින් සමන්විත වේ. එහි දැනට විශ්වවිද්‍යාල ශිෂ්‍යාවන් 550 ක් සඳහා නේවාසික පහසුකම් සැපයීමට භාවිතා කරයි. අනෙක් ඉඩම කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ ග්‍රහලෝකාගාරය ආසන්නයේ පිහිටා ඇත.
වාර්ෂිකව බඳවා ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව ඉහළ යමින් තිබෙන බවත්, ඔවුන්ට අවශ්‍ය නේවාසිකාගාර පහසුකම් ලබාදීමේ ගැටලුවකට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය මුහුණ දී සිටින බවත් පෙන්වා දෙන විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය අවධාරණය කරන්නේ විශ්වවිද්‍යාලය සතු සම්පත් අහිමි කිරීම හේතුවෙන් නේවාසිකාගාර ගැටලුව තවදුරටත් සංකීර්ණ වන බවයි.
සිය විරෝධය කරුණු සහිතව සහ ලිඛිතව අදාළ පාර්ශවයන්ට දන්වා ඇතත් එම විරෝධතාවයන් නොතකා හරිමින් මෙම බලහත්කාරී අත්පත්කර ගැනීම් ක්‍රියාවලිය තවදුරටත් ක්‍රියාත්මකව පවතින බවද එම සංවිධානය පෙන්වා දෙනවා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්