රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍යවරයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ (05) දිනයේ හඳුනාගෙන තිබේ.
එම වෛද්‍යවරයාට වෛරසය ආසාදනය වී ඇත්තේ රෝහල තුළින් නොවන බව රෝහල් අධ්යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසයි.
මේ දක්වා කොවිඩ් -19 ආසාදිතයින් 32 දෙනෙකු කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් හඳුනාගෙන ඇති බව රෝහල් අධ්යක්ෂවරයා තහවුරු කරයි.
ඒ අතර කුඩා ළමුන් 20 දෙනෙකු සහ මව්වරුන් 12 දෙනෙකු සිටින බව රෝහල් අධ්යක්ෂවරයා පවසයි.
මෙම තත්ත්වය තුළ ප්‍රතිකාර සඳහා රෝහලට පැමිණීමට අනියත බියක් ඇති කරගත යුතු නොවන අතර ප්‍රතිකාර සේවා කටයුතු කිසිඳු බාධාවකින් තොරව සිදුවන බව රෝහල් අධ්යක්ෂවරයා අවධාරණය කළේය.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග