යාපනය කුසුමන්තුරේයි මුහුදු තීරයේදී කේරළ ගංජා ජාවාරමේ නිරතවූවන් සොයා කළ විශේෂ සෝදිසි මෙහෙයෙමුකදී රුපියල් කෝටි එකහමාරකට අධික කේරල ගංජා කිලෝ 103 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.
උතුරු නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් කුසුමන්තුරෙයි වෙරල ප්‍රදේශයේදී ඊයේ (13) දින සිදුකරන ලද සෝදිසියකදී පුද්ගලයින් පිරිසක් විසින් ඩිංගි යාත්‍රාවක් මගින් කිසියම් ද්‍රව්‍යක් වෙරලට රැගෙනවිත් රැගෙන යන අයුරු නිරීක්ෂණය වීමෙන් පසුව අදාල ස්ථානය වැටලීම සිදු කල අතර එහිදී සැකකරුවන් විසින් පොහොර ගෝනි දමා පැමිණි ඩිංගි යාත්‍රාවෙන් පලා යාමට උත්සහ රදා තිබෙනවා.
අනතුරුව සැකකරුවන් විසින් දමා ගිය ස්ථානයේ පොහොර උරවල පාර්සල් 27 බහාලන ලද කේරලගංජා කිලෝ 57ක් හමු වී ඇත. එම අවස්ථාවේම ක්‍රියාත්මක වූ නාවික හමුදාව විසින් පලාගිය සැකකරුවන්ගේ ඩිංගි යාත්‍රාවන් ලුහුබැඳ සැකකරුවන් දෙදෙනෙකු සමගින් අදාල ඩිංගි යාත්‍රාව අත්අඩංගුවට ගැනීමට හැකිවුණා.
එහිදී පලා ගිය සැකකරුවන්ගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම් වලදී කැලෑබඳ ප්‍රදේශයන්හි සඟවා තිබූ තවත් පාර්සල් 13 ක සඟවා තිබූ කේරල ගංජා කිලෝ 46 ක් සොයාගැනීමට නාවික හමුදාව සමත් වුණා.
ඒ අනුව අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා සහා කේරල ගංජා කිලෝ 103 වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා යාපනය ඉලවාලෙයි පොලීසිය වෙතට භාර දීමට නාවික හමුදාව විසින් පියවර ගනු ලැබුවා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති