නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ කහ කිලෝග්‍රෑම් 2230 ක් බේරුවල ධීවර වරායේ යාත්‍රාවක තිබී සොයා ගෙන තිබෙනවා.
නීතිවිරෝධීව බහුදින ධීවර යාත‍්‍රාවකින් මුහුදු මගින් බේරුවල ධීවර වරායට ඉන්දියාවේ සිට රැගෙන ආ කහ කිලෝග්‍රෑම් 2230 ක් සමග එක් සැකකරුවෙකු අද (03) නාවික හමුදාවට අයත් වෙරළාරක්‍ෂක නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගත් කහ තොගයේ අතර කහ කුඩු කිලෝග්‍රෑම් 1160 ක් සහ කහ කැබලි වශයෙන් කිලෝග්‍රෑම් 1070 ක් තිබු අතර ඒවා පොලිතින් බෑග් 90 ක අසුරා තිබී ඇත.
මෙම ධීවර යාත‍්‍රාවේ ගමන් කළ ධීවර කාර්මිකයින් බේරුවල සහ පයාගල පොලිස් වසම්වල පදිංචිකරුවන් බවත් ධීවර යාත‍්‍රාව කාන්තාවකට අයිති එකක් බවත් පරීක්‍ෂණ සිදු කරන බේරුවල පොලීසිය සඳහන් කරන්නේ.
මෙලෙස අත්අඩංගුවට ගත් කහ තොගය මුහුදු මගින් රැගෙනවිත් රුපියල් කෝටි 6 කට ආසන්න මුදලකට අලෙවි කිරීමට සැලසුම් කර ඇති බව ආරක්‍ෂක අංශ අනාවරණය කරගෙන තිබේ.
අත්අඩංගුවට ගත් කහ තොගය අද පස්වරුවේ රේගු නිලධාරීන් භාර දීමට නියමිත ඇති අතර මසුන් අල්ලන මුවාවෙන් ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ආ කහ තොගය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කිරීමට නියමිත බව බේරුවල පොලිසිය සඳහන් කර සිටියි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්