රුපියල් කෝටි 7 කට අධික වටිනාකමින් යුතු කොත්තමල්ලි තොගයක් යූක්රේනයෙන් මිලදී ගැනීම සදහා ශ්‍රී ලාංකික ආනයනයකරුවන් පිරිසක් කළ ඇණවුමකට, ඔවුන් රවටා කෘෂිකාර්මික ශාක අපද්‍රව්‍ය තොගයක් කොළඹ වරායට එවා තිබියදී ශ්‍රී ලංකා රේගුව විසින් සොයාගෙන තිබෙනවා.
පිටකොටුව ප්‍රදේශයේ ආනයන ව්‍යාපාරිකයන් 8 දෙනෙකු විසින් මෙලෙස ගෙන්වා තිබූ බහාලුම් සංඛ්‍යාව 28 ක්.
ඉන් 24 ක් කොළඹ වරායේත්, තවත් 04 රේගු බහාලූම් පරීක්ෂා කිරීමේ අංගනයේත් මේ වනවිට ගබඩා කර පවතිනවා.
කෘෂිකාර්මික ශාක අපද්‍රව්‍ය මෙලෙස ආනයනය කිරීම 1999 අංක 35 දරන ශාක ආරක්ෂක පණත යටතේ නීතිවිරෝධී වන අතර මෙම බහාලූම් 28 යළිත් යූක්‍රේනය වෙත ප්‍රති අපනයනය කිරීමට නියමිතයි.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග