පරිභෝජනයට නුසුදුසු ටින් මාලු බහාලුම් හතළිස් අටක් අද සිට ප්‍රතිඅපනයනය කරන බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.
ඒවායේ වටිනාකම රුපියල් මිලියන 384 ක වටිනාකමකින් යුතු බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසුවේ.
අදාල ටින් මාළු ඇසුරුම් තුළ අඩංගු ආසනික් සාන්ද්‍රණය අධික වීම තුළ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් මෙම ටින් මාළු බහලුම් සියල්ල පරිභෝජනයට නුසුදුසු බව නිර්දේශ කර තිබුණා.
මෙම ටින් මාළු තොගය චීනයෙන් මෙරටට ගෙන්වූ ඒවා බවටයි අනාවරණය වී ඇත්තේ.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි