කොවිඩ් -19 අර්බුදය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ කෝප් හෙවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ කටයුතු අද(20) නැවත ආරම්භ කෙරෙනවා.
එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා කියාසිටියේ සෞඛ්‍ය රෙගුලාසිවලට අනුව රැස්වීම් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි.
අද දිනයේ කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිතව ඇත්තේ මාර්ග සංවර්ධන අධිකාරිය, මහාමාර්ග අමාත්‍යාංශයේ සහ අදාල ව්‍යාපෘති කළමනාකරණ ඒකකයේ නිළධාරීන්.
ඒ අනුව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති, මහාමාර්ග අමාත්‍යාංශයේ ගණකාධිකාරී, අදාල ව්‍යාපෘති ඒකකයේ ව්‍යාපෘති අධ්යක්ෂ ඇතුළු නිළධාරීන් 07 දෙනෙකු පාර්ලිමේන්තුවට කැඳවා තිබෙනවා.
මධ්‍යම අධිවේගී මාර්ගයේ ශක්‍යතා අධ්‍යයනය සහ ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳ සිදුකර ඇති විශේෂ විගණන වාර්ථාව මෙහිදී අධ්‍යනයට ලක් කරන බව කෝප් කමිටු සභාපතිවරයා සඳහන් කලා.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි