අද පස්වරු 2.30ට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් “කෝප්“ කමිටුවේ පළමු රැස්වීම පැවැත්වීමට නියමිතව තිබේ.
අද දිනයේ දී කෝප් කමිටුව සඳහා නව සභාපතිවරයෙකු තෝරාපත් කරගැනීමට නියමිතය.
ලබන 24 වන දින මහජන පෙත්සම් කාරක සභාව ද රැස්වීමට නියමිත අතර එදින ඒ සඳහා ද සභාපතිවරයෙක් තෝරා පත්කර ගැනීමට නියමිත බව වාර්තා වේ.
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුවේ) සභාපති ධුරය සඳහා අද (22 වැනිදා) දිනයේ විපක්ෂයේ මන්ත්‍රීවරයකු යෝජනා කරන බව සමගි ජන බලවේගය ප්‍රකාශ කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ ඊයේ (21 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ කෝප් කමිටුවේ සභාපති ධුරයට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයකු පත්කර ගනිමින් ආණ්ඩුව හොරකමට, වංචාවට අවස්ථාව ලබාදීමට සූදානම් වන බවයි.
මේ අතර අද දිනයේ සිට පාර්ලිමේන්තු රැස්වීම් වේලාව වෙනසක් සිදුවන අතර, ඒ අනුව පෙරවරු 10.00ට පාර්ලිමේන්තු රැස්වීම ආරම්භ වීමට නියමිතය.
පස්වරු 5.30 දක්වා පාර්ලිමේන්තු කටයුතු සිදුවන අතර පස්වරු 4.30 සිට 5.30 දක්වා කාලය සභාව කල්තැබීමේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව තිබේ.
9 වන පාර්ලිමේන්තුවේ ප්‍රශ්න ඇසීමේ කටයුතු ද අද දිනයේ සිට ආරම්භ වන අතර, පෙරවරු 10.00 සිට 11.00 දක්වා ඒ සඳහා කාලය වෙන්කර ඇත.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්