මෙතෙක් රටේ සමස්ත කිරිදෙන මව්වරුන්ට නොමිලේ ලබාදුන් ත්‍රීපෝෂ දීමනාවටත් වත්මන් රජය විසින් සීමා පනවා ඇති බවත් එය මොන තරම් පහත් ක්‍රියාවක්දැයි තමන් ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
“පසුගිය ජනාධිපතිවරණයේත් මහමැතිවරණයේත් අපට අහන්න ලැබුණා අපේ ප්රතිපක්ෂය මේ රටේ දරුපරපුරත් මව්පරපුරත් සුරක්ෂිත කරනවා කියපු පොරොන්දුව. නමුත් ඔවුන් අද රටේ දරුපරපුරත් අමතක කරලා, මව්පරපුරත් අමතක කරලා.
රටේ සියලුම පාසල් දරුන්වන්ට නිල ඇඳුම් ලබාදීමේ වැඩසටහන අද නතර වෙලා තියෙනවා. ඒ වැඩසටහන හරියාකාරව සිදුවෙන්නෙ නෑ. හරි නම් ජනවාරියෙ ආරම්භ වන පාසල්වලට නිල ඇඳුම දෙන්නට ඕනෙ නොවැම්බර් හෝ දෙසැම්බර් මාසෙ. නමුත් ජනවාරි අවසන් වෙද්දිත් බොහෝ පාසල්වලට නිල ඇඳුම් ලැබිලා නෑ. ඒ විතරක් නෙවෙයි අධ්‍යාපනය කරගෙන යෑම සඳහා දූදරුවන්ට පහසුකම් නෑ. මේ ජංගම සේවයෙන්ම ඉස්මතු වුණා මේ ග්‍රාමීය පාසල්වල තියෙන දුෂ්කර තත්වය. ඔය කුළුණු හදන්න කලින් ඇයි මේ පාසල් හදන්න අපේ රටේ තියෙන සීමිත සම්පත් පාවිච්චි නොකරන්නෙ ?
රටේ ජාතික සම්පත් විකුණා දමන යුගයක් උදාවී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරනවා.
ඇතිලිවැව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් විපක්ෂනායකවරයා කියා සිටියේ ආණ්ඩුව ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වෙන්දේසියකට යොමු කර ඇති බවයි.
More Stories
එජාප – සජබ හවුලට එජාප කෘත්‍යාධිකාරියෙන් අනුමැතිය
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්