ගංගාරාම විහාරයේ නවම් පෙරහර සාර්ථකව අවසන්

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරය 46 වැනි නවම් මහා පෙරහර ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ෂවයේ කොළඹ නවකෝරලයේ ප්‍රධාන සංඝ නායක පුජ්‍ය ආචාර්‍ය කිරින්දේ අස්සජි නායක ස්වාමීන් වහන්සේගේ සංවිධානත්වයෙන්, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් විථි සංචාරය කිරීම ආරම්භ කෙරුණා.

තායිලන්ත අග්‍රාමාත්‍ය කාර්යාලයේ උප ඇමති විශ්‍රාමික ජෙනරාල් Nipat Thonglek සහ අමාත්‍ය වසන්ත සමරසිංහ යන මහත්වරුන් විසින් හස්ථියා පිට සධාතුක කරඬුව තැන්පත් කිරීම සිදු කළ අතර, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් මල් වට්ටියක් සධාතුක කරඬුවට පූජා කිරීම සිදු කළා.

ගංගාරාම විහාරයේ විහරාධිපතිව වැඩවිසූ අපවත්වී වදාල ගලබොඩ ඥානිස්සර හිමියන්ට පිං පිණිස ආරම්භ කළ නැණ ඉසුර ශිෂ්‍යත්ව අරමුදල මගින් ශිෂ්‍යත්ව පිරිණැමීමද මෙහිදී සිදු කෙරිණ.

දේශීය නර්ථනාංගයන් සහ විදේශීය නර්ථනාංග වලින් සමන්විත මෙවර නවම් මහා පෙරහර ඊයේ (12) රාත්‍රියේද විථි සංචාරය කෙරිණි.

සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහානායක වරකාගොඩ ශ්‍රී ධම්මසිද්ධි පඤ්ඤානන්ද නායක හිමියන් ප්‍රධාන මහා සංඝ රත්නය, තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන්, කොළඹ පුරපති අපේක්ෂක ව්‍රායි කැලී බල්තසාර්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු දෙස් විදෙස් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com