ගංවතුර වැළැක්වීම හා ආපදා කටයුතු පිළිබඳව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා වැදගත් උදපෙස් ලබා දෙයි.
මෑතකදී Doksuri සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් රටේ උතුරු හා Huang-Huai ප්‍රදේශවලින් අධික වර්ෂාපතනයක් වාර්තා වූ අතර ගංවතුර හා සෙසු භූගෝලීය විපත් සිදු විය. ඉන් බෙයිජිං නගරයේ, හෙබෙයි පළාතේ බරපතල ජීවිත හානි සිදු වූ බව ෂී ජින්පිං මහතා පැවසීය.
විවිධ ප්‍රදේශ හැකි පමණින්, අතුරුදන්ව සිටින පුද්ගලයන් සෙවීමටත් සිරවී සිටින පිරිස් වෙත සහනාධාර දීමටත් කටයුතු කළ යුතු ය. ජීවිත හානි උපරිමයෙන් අවම කිරීමට උත්සාහ කරන අතර, තුවාල වූවන්ට ප්‍රතිකාර කිරීම හා විපතට පත්වූවන්ගේ ඥාතීන්ට සහන සැලසීමට ද අවධානය යොමු කළ යුතුය. විධිමත් නිෂ්පාදන කටයුතු සහ ජන ජීවිතය කඩිනමින් පුනරුත්ථාපනය කිරීම උදෙසා, විපතෙන් බලපෑමට ලක් වූ ජනතාව නිසි ලෙස ස්ථානගත කරමින් හානියට ලක් වූ ගමනාගමනය, සන්නිවේදනය, විදුලි බලය ඇතුළු පහසුකම් යළි යථාතත්ත්වයට පත්කිරීම වේගවත්ව සම්පූර්ණ කරන ලෙස ෂී ජින්පිං මහතා ඉල්ලීමක් කර ඇත.
වර්තමානයේ ගංවතුර වැළැක්වීමේ වැදගත්ම අදියරට පිවිස තිබේ. විවිධ ප්‍රදේශ හා අදාළ අංශ උපරිම අවධානයෙන් හා වගකීමෙන් යුක්තව අධීක්ෂණය, පුරෝකථනය, අනතුරු ඇඟවීම හා මුර සේවා ශක්තිමත් කළ යුතුය. ගංවතුරට ලක්වන සුළු ස්ථාන කෙරේ වැඩි අවධානය යොමු කරමින් ගංවතුර වැළැක්වීම පිළිබඳ සවිස්තරාත්මක පියවර නිසි ලෙස ක්‍රියාත්මක කළ යුතු ය. එසේම ජනතාවගේ ජීවිත හා දේපල ආරක්ෂාව සහ සමාජ ස්ථායිතාව උපරිම ශක්තිය යොදා සහතික කිරීමට උත්සාහ කළ යුතු යැයි ඔහු අවධාරණය කර ඇත.
ගංවතුර වැළැක්වීම පිළිබඳ චීන ජනපතිගෙන් වැදගත් උපදෙස්

More Stories
2025 වසරේ බෝ ආඕ ආසියානු සංසදයේ වාර්ෂික සමුළුවේ සමාරම්භක උත්සවයට චීන උප අගමැති එක් වෙයි
කැනඩා-ඇමරිකා සමීප සබඳතා පැවති යුගය අවසන් වූ බවට කැනඩා අග්රාමාත්යවරයාගෙන් ප්රකාශයක්
ග්රීන්ලන්තයේ ස්වෛරීභාවය යළි සහතික කරන ඩෙන්මාර්කයෙන් ඇමරිකාවට විරෝධය