මෙම මාසයේ මුල් දින 19ක කාළය තුළ පමණක් ආණ්ඩුව විසින් රුපියල් බිලියන 48ක මුදල් අච්චුගසා ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ ඊයේ (20), තලවතුගොඩ පැවති, 43 සේනාංකයේ දන්ත වෛද්‍යවරුන්ගේ හමුවට එක්වෙමින්.
අද වන විට මුදල් අමාත්‍යාංශ ලේකම් සජිත් ආටිගල සහ ජනපති ගෝඨාභය රාජපක්ෂගේ එකම විසඳුම වී ඇත්තේ මුදල් අච්චු ගැසීමයි.
වත්මන් ආණ්ඩුව 2020 වර්ෂයේ පමණක් රුපියල් බිලියන 659 ක මුදල් අච්චුගසා තිබේ. 2020 වර්ෂයේ රටේ මුළු බදු ආදායම බිලියන 1,040 කි.
මෙම බදු ආදායමට අමතර වශයෙන් රුපියල් බිලියන 659 ක මුදල් අලුතෙන් මුද්‍රණය කර තිබේ.
මෙය 2019 වර්ෂයත් සමඟ සංසන්දනය කළ යුතුය. 2019 වර්ෂයේ මුදල් අච්චු ගසා ඇත්තේ රුපියල් බිලියන 04 ක් පමණි.
ඊයේ(20) ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ වාර්තාව නිකුත් වූ පසුව මෙම පෙබරවාරි මාසයේ ගතවූ දවස් 19 තුළ කොපමණ ප්‍රමාණයක් මුදල් අච්චු ගසා තිබේද යන්න මා විසින් මහ බැංකුවේ දත්ත පද්ධතිය නිරීක්ෂණය කර බැලුවෙමි.
මෙම දවස් 19 ට පමණක් රුපියල් බිලියන 48 ක් මුදල් අච්චුගසා ඇති බව ඉන් පහැදිළි විය.
බියගම මුදල් මුද්‍රණය කරන යන්ත්‍රයේ උපරිම ධාරිතාවයෙන් වත්මන් ආණ්ඩුව මුදල් අච්චුගසමින් යයි.
More Stories
එජාප – සජබ හවුලට එජාප කෘත්‍යාධිකාරියෙන් අනුමැතිය
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්