ගතවූ පැය 24 තුළ ශ්‍රී ලංකාවෙන් කොවිඞ් ආසාධිතයන් වාර්තා වී ඇත්තේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්වලින් පමණක් බව කොවිඞ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාධිතයන් 305 දෙනෙකු සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාධිතයන් 58 දෙනෙකු සටහන් වී තිබෙනවා.
ඊට අමතරව පොලිස් නිළධාරීන් 05 දෙනෙකු / පොලිස් විශේෂ කාර්ය බලකායේ එක් අයෙකු / පැරණි බෝගම්බර හා වැලිකඩ බන්ධනාගාරවලින් එක් අයෙකු බැගින් හා විදේශයන්හි සිට පැමිණි 02 දෙනෙකු ඊයේ වාර්තා වූ ආසාධිතයන් අතරට අයත්.
එමෙන්ම වෙනත් 64 දෙනෙකුද ඊයේ ආසාධිතයන් අතර වන බවයි කොවිඞ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කලේ.
මේ අනුව පසුගිය ඔක්තෝබර් 04 වනදා සිට මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයෙන් කොවිඞ් ආසාධිතයන් 6446 දෙනෙකු සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාධිතයන් 5725 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි