අද උදෑසන 5න් අවසන් වූ ගත වූ පැය 24 ක කාලය තුළ නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංගනය කළ 91 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදී වාහන 12 ක් ද සිය භාරයට ගත් බවයි පොලීස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ.
මේ අතර, තම නිලය අවභාවිත කර ඇදිරිනීතිය පැවති ප්‍රදේශයකින් පුද්ගලයින් ප්‍රවාහනය කල සංචාරක කොට්ඨාසයේ පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, බණ්ඩාරගම පොලිසිය විසින්. තවත් පුද්ගලයින් 03 දෙනෙකු ද මෝටර් රථයක් සමග අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කලේ.
More Stories
චීන තානාපතිවරයා හා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතර හමුවක්
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්
ජපුර විශ්වවිද්‍යාලයෙන් රුසියානු භාෂා ඩිප්ලෝමා පාඨමාලාවක්