ගමන් බලපත්ර නිකුත් කිරීමේ එක්දින සේවාව මාතර, වව්නියාව සහ මහනුවර කාර්යාල වලදී හෙට සිට යළි ආරම්භ කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.
එහි පළමු අදියර ලෙස ප්රාදේශීය කාර්යාලයක දී අයදුම්කරුවන් සිය දෙනෙකු සඳහා පමණක් සේවා සැපයීමටයි සැලසුම් කර ඇත්තේ.
එම අවස්ථාව හිමිවන්නේ දින හා වේලාවන් වෙන්කරගත් අයදුම්කරුවන් වෙනුවෙන් පමණක් බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ප්රධාන කාර්යාලයෙන් එක්දින සේවය යටතේ ගමන් බලපත්ර සඳහා ඉදිරි දින 60 ක් වෙනුවෙන් අයදුම්පත් භාරගෙන අවසන්.
කෙසේවෙතත් රැකියා සඳහා කඩිනමින් විදේශ ගතවීමට අපේක්ෂා කරන අයදුම්කරුවන් ඒ පිළිබඳ තහවුරු කරන ලියවිලි ද සමගින් 0706311711 අංකයට වට්ස්ඇප් පණිවුඩයක් යොමු කළ යුතු වනවා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්