ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයින් ඉලක්ක කරගනිමින් අද ආදර්ශ ඡන්ද විමසීමක් පැවැත්වෙනවා.
ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා සඳහන් කළේ, අද පෙරවරු 9 සිට දහවල් 12.30 දක්වා ඒම ආදර්ශ මැතිවරණය පැවැත්වෙන බවයි.
මීගමුව සෙබස්තියන් විද්‍යාලයේදී ඡන්ද දායකයින් 200 දෙනකුගේ පමණ සහභාගීත්වයෙන් මෙම ආදර්ශ මැතිවරණය පැවැත්වෙන බව දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළා.
ඉදිරි මහ මැතිවරණයේදි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ඡන්දය භාවිත කිරීම පිළිබඳව දැනුම්වත් කිරිම මෙහි අරමුණයි.
අද පැවැත්වෙන ගම්පහ දිස්ත්‍රික් ආදර්ශ මැතිවරණය සඳහා සෞඛ්‍ය අංශ නිලධාරීන්,මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ නිලධාරින්,ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරින් සහ පොලිස් නිලධාරින් ඇතුළු පිරිසක් සහභාගී වනවා.
මෙවර මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වැඩිම ඡන්ද දායකයින් පිරිසක් සුදුසුකම් ලබා සිටින්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට