ගම්පහ ගමක 84කට කොරෝනා

ගම්පහ මහ නගර සභා බල ප්‍රදේශයට අයත් කෙසෙල්වතුගොඩ ග්‍රාමයෙහි පුද්ගලයන් 84 දෙනකුට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කරයි.

එම ග්‍රාමයෙහි වැසියන් 325 දෙනකු හට අද සවස සිදුකළ ඇන්ටිජන් පරීක්‍ෂණයේදී ඉන් 84 දෙනකු ආසාදිතයන් බව තහවුරු වී ඇත.

මේ සම්බන්ධයෙන් ප්‍රදේශය බාර මහජන සෞඛ්‍ය පරීක්ෂක සුසන්ත බණ්ඩාර මහතාගෙන් ” ලංකාදීප ” ය කළ විමසුමේදී සදහන් කර සිටියේ මෙම ප්‍රදේශයේ පිරිසකට උණ, කැස්ස , සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම මත ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ මහතාගේ උපදෙස් පරිදි ඇන්ටිජන් පරීක්ෂණයට භාජනය කළ බවත් එම පිරිස අතුරින් 84 දෙනකු ආසාදිතයින් බවට තහවුරුවූ බවය.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com