බේරුවල, අලුත්ගම සහ පයාගල යන පොලිස් බල ප්‍රදේශවලට පැනවූ නිරෝධායන ඇඳිරි නීතිය අද පෙරවරු 5 සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට ගෙන තිබූ තීරණය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර තිබෙනවා. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ කොවිඞ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ උපදෙස් පරිදි එම ප්‍රදේශවල නිරෝධායන ඇදිරිනීතිය තවදුරටත් පවත්වාගෙන යාමට තීරණය කර ඇති බවයි.
එමෙන්ම දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇදිරිනීතිය පැනවීමේ කිසිදු සූදානමක් නොමැති බව යුදහමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යළි අවධාරණය කළා.
අද(26) දිනයේ නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා පැය 14ක කාලයක් ලබා දී තිබේ.
ඒ අනුව අද උදෑසන 8.00 සිට රාත්‍රී 10.00 වන තෙක් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා අවස්ථාව ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු රාජ්‍ය හා පෞද්ගලික බැංකු අද දිනය තුළ විවෘතව තබන ලෙසද රජය උපදෙස් ලබාදී තිබෙනවා. ඒ අනුව බැංකු විවෘත කිරීමට අවශ්‍ය වන කාර්ය මණ්ඩලයට සිය ආයතනික හැඳුනුම්පත භාවිතා කර බැංකු ශාඛා වෙත පැමිණිය හැකියි. එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා අද පෙරවරු 8.00 සිට රාත්‍රී 10.00 දක්වා දිස්ත්‍රික්කයේ වෙළෙඳ සැල් හා ඖෂධ සැල් විවෘතව තබන ලෙසද රජය උපදෙස් ලබාදී තිබෙනවා.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ