ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.
මේ බව එම විදුහලට මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා විසින් දැනුම්දී තිබේ.
මෙම සිසුවියගේ පියා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇගළුම් කම්හලෙහි සේවය කරන අතර ඔහු ආසාදිතයෙකු බවට තහවුරු වී ඇත.
එම හේතුවෙන් දියණිය PCR පරීක්ෂණයට භාජනය කිරීමේ දී මැයටද රෝගය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
ඒ හේතුවෙන් ඇය ඉගෙනුම ලැබූ විදුහලේ 12 ශ්‍රේණිය සිසුවියන් නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කර ඇත.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි