ගම්පහ වික්‍රමාරච්චි වෛද්‍ය විද්‍යාතනය විශ්වවිද්‍යාලයක් බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එම ගැසට් පත්‍රය නිකුත් කර ඇත්තේ, 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනත අනුව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විසිනි.
ඒ අනුව 2021 වසරේ මාර්තු 01 වැනි දා සිට එය විශ්වවිද්‍යාලයක් බවට පත්වන්නේ, ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාව ලෙසයි.
දේශීය වෛද්‍ය විද්‍යාව, දේශීය සෞඛ්‍ය විද්‍යා හා තාක්ෂණය සහ දේශීය සමාජීය විද්‍යා සහ කළමනාකරණ අධ්‍යන ශාඛාවන්හි උසස් අධ්‍යාපනය ලබාදීම දියුණු කිරීම මෙහි අරමුණු අතර වේ.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි