ගම සමඟ පිළිසඳර වැඩසටහනකට සහභාගි වූ අතරතුර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මීමුරේ ජනතාවට දුන් පොරොන්දුවක් ක්‍රියාත්මක කරමින් ගම්මිරිස් කිලෝ ග්‍රෑමයක් රුපියල් 800 බැගින් මිලට ගැනීමට රජය තීරණය කරයි.
ඒ අනුව රජය විසින් වැඩි මිලට ගම්මිරිස් මිලදී ගැනීමේ ජාතික වැඩසටහන පෙරේදා (30) මීමුරේ ප්‍රදේශයේදී ආරම්භ කළ අතර ‘ගම සමඟ පිළිසදර වැඩ සමඟ යළි ගමට‘ වැඩසටහන සඳහා පසුගියදා මීමුරේට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීමුරේ ජනතාවට දුන් පොරොන්දුවක් ඉටු කරමින් රජය වැඩි මිලට ගම්මිරිස් මිලදී ගැනීමේ ජාතික වැඩසටහන මෙලෙස ආරම්භ කෙරිණි.
සුළු අපනයන භෝග රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වැඩසටහන ආරම්භ කෙරුණු අතර මේ වැඩසටහන අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා ජාතික කුළුබඩු හා ඒ ආශ්රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලය සහ උක්, බඩ ඉරිගු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබු නැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය ආශ්රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය ක්‍රියාවට නංවයි.
ඒ අනුව පෙරේදා (30) පස්වරු 2. 00 වන විට ගම්මිරිස් කිලෝ 6,000ක් මිලදී ගෙන තිබෙන අතර, මේ සඳහා රජය වැය කර තිබෙන මුදල රුපියල් ලක්ෂ 50කි.
මේ ආරංචිය සැලවීමත් සමඟ අතරමැදි කූඨ වෙළෙන්දෝ ගම්මිරිස් මිල රුපියල් 650 දක්වා වැඩි කර ඇතැයි මෙහිදී ඇමැතිවරයා පැවසූ අතර තමා මේ වැඩපිළිවෙළ පිළිබඳව මීමුරයේ පැමිණි අවස්ථාවේ ඇතැම් මාධ්‍ය තමාට මඩ ගැසූ බවද නකල්ස් පරිසරය විනාශ කරන්න තමා අනුබල දුන් බවට සඳහන් වූ බවද ප්‍රකාශ කරයි. අද එය පුස්සක් බවට ප්‍රදේශවාසීන් විසින්ම ඔප්පු කර තිබෙන අතර ඒ පිළිබඳ ප්‍රදේශයේ සංඝරත්නය හා ගම්වාසීහු අදහස් ප්‍රකාශ කළහ.
එහිදී අදහස් දක්වමින් ජනතාව ප්‍රකාශ කරන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අදහසකට අනුව ඒ මහතාගේ උපදෙස් පරිදි රජය ගම්මිරිස් කිලෝ එක රුපියල් 800ට මිලදී ගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ ජානක වක්කුඹුර ඇමැවරයා ඇතුළු රජයට ප්රසංසාව පළ කරන බවයි. රජයක් හැටියට ඉතිහාසයේ ප්‍රථම වතාවට ජනතාවගෙන් කුළුබඩු මිලදී ගැනීම සිදුවූ බවද මෙහිදී අනාවරණය විය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්