ගර්භණී මවුවරුන් 200ක පමණ සංඛ්‍යාවක් මේ වන විට කොවිඩ් වයිරසය ආසාදනය වී රෝහල්ගත කර ඇති බැවින් මෙම තත්ත්වය ඉදිරියේදී තවත් වර්ධනය විය හැකි බැවින් ජංගම දුරකථන හා මාධ්‍ය මගින් කෙටි පණිවිඩයන් ලබා දෙමින් රෝගයෙන් වැළකී සිටීම සඳහා ඔවුන් නිරන්තරයෙන්ම දැනුවත් කිරීමේ විශේෂ වැඩ පිළිවෙළක් ආරම්භ කිරීමට පවුල් සෞඛ්‍ය කාර්යාංශය තීරණය කර ඇත.
මේ අනුව ගර්භණී මවුවරුන්ට අනවශ්‍ය ලෙස නිවසින් බැහැරට නොයෑම, ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවිකාව සමග නිරන්තරයෙන්ම සම්බන්ධතාවන් පවත්වා ගැනීම, විවිධ සංකූලතාවන් පවතින මවුවරුන් මාතෘ සායනයන් වෙත නොවරදවාම සහභාගි වීම, මුව ආවරණ පැලඳීම, දුරස්ථභාවය රැකගැනීම, නිතර දෑත් සබන් යොදා පිරිසුදු කිරීම ආදිය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් ඇතුළු සෞඛ්‍ය පණිවිඩ කීපයක් මගින් දැනුවත් කිරීමට පියවර ගන්නා බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා මහත්මිය සඳහන් කරයි.
කොවිඩ් රෝගය හේතුවෙන් ගර්භණී මවුවරුන් සැලකිය යුතු පිරිසක් බිය වී මාතෘ සායනයන් වෙත නොපැමිණෙන බවට වාර්තා වී ඇති බැවින් එසේ සායනයන් වෙත නොපැමිණීම බරපතළ තත්ත්වන් ඇති කරන්නක් විය හැකි බව ද ඇය පෙන්වා දෙයි.
කොවිඩ් රෝගයට බිය නොවී නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් නියමිත දිනයන් මාතෘ සායනයන්ට සහභාගී වන්නැයි ගර්භණී මවුවරුන්ගෙන් පවුල් සෞඛ්‍ය කාර්යාංශය ඉල්ලීමක් කරයි.
කොවිඩ් මර්දන එන්නත ගර්භණී මවුවරුන්ට ලබා දීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ලැබී ඇති නමුත් ලබා දීමට එන්නත් නොමැති වීමෙන් තවත් කාලයක් මේ සඳහා ගතවනු ඇතැයි වෛද්‍ය චිත්‍රමාලි සඳහන් කළාය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්