ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස ධම්මික සුදර්ශන මහතා පත්කර තිබෙනවා. සුදර්ශන මහතා තාවකාලිකව එම තනතුරට පත්කර තිබෙන්නේ පිතිකරණ පුහුණුකරු, හිටපු සිම්බාබ්වේ ක්‍රීඩක ග්‍රාන්ට් ෆ්ලවර් මහතා කොවිඩ් 19 වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටීම හේතුවෙනි.
ඒ අනුව සුදර්ශන මහතා ඉන්දු-ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලියේදී ජාතික කණ්ඩායමේ සේවය සඳහා යොමුකර තිබේ.
ඔහු ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරයි.
එක්දින තරග 03 කින් සහ 20/20 තරග 03 කින් සමන්විත ඉන්දු-ශ්‍රී ලංකා තරගාවලිය ලබන 18 වැනිදා ආරම්භවීමට නියමිතව තිබේ.
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි