සෑම දිස්ත්‍රික්කයක් තුලම සිදුකෙරෙන කොවිඩ් මර්ධන එන්නත් කරණ වැඩසටහනේ ප්‍රගතිය වාර්ථා කිරීම ග්‍රාම නිලධාරීන් විසින් සිදුකළ යුතු බව දන්වමින් චක්‍රලේඛයක් නිකුත් කර ඇත.
පසුගිය දා පැවති කොවිඩ් මර්දන කාර්ය සාධක බළකා රැස්වීමේදී එම තීරණය ගෙන ඇති බව සඳහන්ය.
ඒ අනුව කාණ්ඩ 4ක් යටතේ කොවිඩ් එන්නත්කරණය සම්බන්ධයෙන් ප්‍රගතිය වාර්ථා කළ යුතුය.
එසේම වයස් කාණ්ඩ යටතේ එම තොරතුරු ඉදිරිපත් කළයුතු බවත් එම චක්‍රලේඛයේ සඳහන් ය.
තවද එළඹෙන 31 වන දිනට පෙර සෑම ග්‍රාම නිලධාරීවරයෙකු විසින්ම මෙම තොරතුරු වර්තා කළයුතු වෙයි.
මේ අතර ග්‍රාම නිලධාරී සංගමයේ ප්‍රධාන ලේකම් අතුල සිලමන්ආරච්චි මහතා සඳහන් කරන්නේ එම වැඩපිළිවෙල ප්‍රයෝගික නොවන බවත් මෙවැනි අවදානම් කටයුත්තක් සිදුකිරීමට පැවරීම පිළිබඳව ග්‍රාම නිලධාරීන් විමතියට පත්වී ඇති බවය.
ඔහු වැඩි දුරටත් පෙන්වා දෙන්නේ ග්‍රාම නිලධාරීවරුන් මුහුණ දෙන ගැටලු පිළිබඳව සොයාබලා ඊට කඩිනම් විසඳුම් ලබාදීමට බලධාරීන් පියවර ගතයුතු බවය.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට