යාපනය මහනුවර ඒ-9 ප්‍රධාන මාර්ගයේ වව්නියාව තේක්කවත්ත ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඇඟලුම් කර් මාන්ත ශාලාවක සේවකයින් 21 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ .
මෙම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයින් 1700 ක් පමණ සේවය කරනු ලබන බව වාර්තා වේ .ආසාදිත සේවකයින් අතර වව්නියාව නගරයේ මෙන්ම නගරයෙන් පිට පදිංචිකරුවන්ද සිටින බව වව්නියාව සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසයි.
අදාළ ඇඟලුම් කර්මාන්ත ශාලවේ සේවකයින් කිහිප දෙනෙකු අසනීප තත්වයෙන් රෝහල්ගත කිරීමෙන් පසුව සිදු කරන ලද පී.සී.ආර්. පරික්ෂණයකදී අදාල ආසාදිතයින් හඳුනාගෙන ඇත.අදාල ආසාදිත සේවකයින් මේ වන විට රෝහල්ගත කොට ඇති අතරම ආසාදිත සේවකයින් සමීප ඇසුරු කරන්නන් හඳුනාගනිමින් ඔවුන් නිරෝධායනය කොට පී.සී.ආර්. පරික්ෂණයන් සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇති බවටද වව්නියාව සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය වැඩිදුරටත් පැවසීය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්