ගාල්ල උණවටුන ප්‍රදේශයේ පැවති ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාගැනීමට බස්නාහිර පළාතේ පිරිසක් සහභාගී වීම සම්බන්ධයෙන් විමර්ශනයක් ඇරඹීමට උපදෙස් ලබාදී තිබේ.
රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරන්නේ ඒ පිළිබඳ විමර්ශනයක් සිදුකිරීමට උපදෙස් ලබාදුන් බවය.
මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ හදිසි වැටලීම් ඒකකය සිදුවීම පිළිබඳ සොයා බැලීමට මේ වන විටත් ගාල්ල ප්‍රදේශයට ගොස් ඇතැයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරයි.
ඒ අනුව වැඩසටහනට සහභාගීවු පිරිසට නීතියානූකූල හා විනයානූකූල ක්‍රියාමාර්ග ගන්නා බවත් චන්න ජයසුමන මහතා සඳහන් කරයි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්