ගාල්ල නගරයේ ප්‍රසිද්ධ බාලිකා පාසලක උසස් පෙළ සිසුවියකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා සඳහන් කරයි.
සිංහල අලුත් අවුරුද්ද හේතුවෙන් අදාල සිසුවියගේ නිවසට කොළඹ සිට පැමිණි ඥාතියෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.
එම නිසා සිසුවිය ඇතුළු පවුලේ සාමාජිකයින් පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කර ඇති අතර එම වාර්තා අනුව සිසුවියට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව හඳුනා ගෙන ඇත.
සිසුවිය ඉගෙනුම ලැබූ පන්තිය වසා දමා ඇති අතර ඇයගේ ආශ්‍රිතයින් 24දෙනෙකු නිරෝධායනයට යොමු කර ඇති බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
– මුලාශ්‍ර අරුණ පුවත්පත
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව