කොරෝනා වසංගත තත්වය හමුවේ ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයේ සියලුම පාසල් හෙට (07) දින සිට වසා දැමිමට තින්දු කළ බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා පවසයි.
දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලිගමගේ සමග කළ සාකච්ඡාවකින් පසු මෙම තිරණය ගත් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයේ පාසල් විවෘත කරන දිනය සෞඛ්‍ය බලධාරින් සමග සාකච්ඡාකොට පසුව දැනුම් දෙන බවද පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කළේය.
ඇත්තිලිගොඩ දකුණ,මකුළුව, දෙද්දුගොඩ,උතුර, තලාපිටිය හා මිලිද්දුව යන ග්‍රාම නිලධාරිවසම්වල පි.සි.ආර් පරික්ෂණ ප්‍රතිඵල ලැබෙන තෙක් සිමා සහිත සංචරණ සිමා පනවා ඇත.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග