කොළඹ ගාලුමුවදොර පිහිටි වැඩ බිමක සේවය කල ඉන්දීය ජාතිකයින් 14 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
මේ හේතුවෙන් මේ වන විට ඉන්දීය සංස්කෘතික කේන්ද්‍රය හා ඒ ආශ්‍රිත පිරිස වෙත PCR පරීක්ෂණ සිදු කරන බවයි මධ්‍යස්ථානය නිවේදනය කලේ.
අදාළ ස්ථානයේ සේවකයින් 50 දෙනෙකුගෙන් සිදුකළ අහඹු පී.සී.ආර් පරීක්ෂණ මගින් මෙම ආසාදිතයින් පිරිස හඳුනාගෙන ඇත.
ඔවුන් කඩිනමින් රෝහල්ගත කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව සෞඛ්‍ය අංශ සඳහන් කළහ.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ