උතුරු ගාසා තීරයේ පදිංචිකරුවන්ට සිය නිවෙස් වෙත ආපසු යාමට ඉඩ ලබා දිය යුතු බව ඇමරිකානු රාජ්‍ය ලේකම් Antony Blinken මහතා ප්‍රකාශ කරයි. ඔවුන් ගාසා තීරයෙන් පිටත නැවත පදිංචි කිරීමේ සැලසුමට ඇමරිකාව විරුද්ධ බව ද ඔහු ඊයේ(09) ටෙල් අවිව් නුවරදී ප්‍රකාශ කර ඇත.
පසුගිය 8 වැනිදා ඊශ්‍රායලයට පැමිණීමෙන් පසු Antony Blinken මහතා ඊශ්‍රායල අගමැති Benjamin Netanyahu, විදේශ අමාත්‍ය Israel Katz සහ ආරක්ෂක අමාත්‍ය Yoav Gallant සමඟ සාකච්ඡා පවත්වා තිබේ. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා සිදු වූ වැටලීම නැවත සිදුවීම වැළැක්වීම සඳහා ගාසා තීරයේ ඊශ්‍රායලයේ ක්‍රියාමාර්ගවලට ඇමරිකාව සහාය දෙන බව Blinken මහතා ඊයේ(09) මාධ්‍ය හමුවකදී පැවසීය. උතුරු දේශසීමා ප්‍රදේශයේ ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා ඇමරිකාව ඊශ්‍රායලයට සහාය දෙන අතර රාජ්‍යතාන්ත්‍රික මාර්ග හරහා ඊශ්‍රායල-ලෙබනන ගැටුම විසඳීම ප්‍රවර්ධනය කිරීමට කැපවී සිටින බව ද හෙතෙම සඳහන් කළේ ය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය එම තත්ත්වය තක්සේරු කරනු ඇත. අවසානයේදී උතුරු ගාසා තීරයේ අවතැන් වූ පලස්තීනුවන්ට ආරක්ෂිතව සිය නිවෙස් වෙත පැමිණීමට ඉඩ සලසන නමුත් මෙම ඉලක්කය සපුරා ගැනීමේදී අභියෝග රාශියක් ඇති බව ද ඔහු ප්‍රකාශ කර ඇත.
More Stories
ප්‍රමාද වූ සියලු පාස්පෝට් මාසයක් ඇතුළත නිකුත් කිරීමට පියවර
චීනයේ ග්රාමීයව ජීවත් වන සාමාන්‍ය පුද්ගලයකුගේ වැය කළ හැකි ශේෂය 2024 වසරේ දී කැපී පෙනෙන වර්ධනයක
ගෝලීය කටයුතුවලදී ජර්මනිය සහ යුරෝපා සංගමය වැදගත් කාර්යභාරයක් ඉටු කිරීම, චීනයට සතුටක්– චීන විදේශ අමාත්‍යංශය