ගාසා තීරයේ ව්‍යසනය සම්බන්ධයෙන් ඊශ්‍රායලය වගකිව යුතු බව ඊජිප්තුවේ විදේශ ඇමති Sameh Hassan Shoukry මහතා ඊයේ(14) ප්‍රකාශ කළේය.
රෆා හරස් මාර්ගය යළි විවෘත කරන ලෙස ඊශ්‍රායල විදේශ ඇමතිවරයා ඊජිප්තුවෙන් ඉල්ලා සිටී. එමෙන්ම, ගාසා තීරය මුහුණ දෙමින් පවතින අර්බුදය සම්බන්ධයෙන් ඊජිප්තුව ද වගකිය යුතු බව ඊශ්‍රායල විදේශ ඇමතිවරයා සඳහන් කර ඇත. එම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඊජිප්තු විදේශ ඇමතිවරයා පැවසුවේ ඊශ්‍රායලය රෆා හරස් මාර්ගයේ පලස්තීනයට අයත් ප්‍රදේශ පාලනය කරමින්, ඒ ආශ්රිත ව යුද මෙහෙයුම් ද ක්‍රියාවට නංවා ඇති බවයි. ආධාර සැපයුම් කණ්ඩායම්වලට හා රියදුරන්ට ජීවිත හානි ඇති වීමේ අවදානමක් පවතින අතර, එය සහන සැපයුම් ගාසා තීරයට ප්‍රවේශ නොවීමට හේතුවක් වී ඇත. ගාසා තීරය මුහුණ දෙන පෙර නොවූ විරූ අර්බුදය පිළිබඳ වගකීම් ඊශ්‍රායලය ඊජිප්තුවට පැවරීමට උත්සාහ කිරීම ඊජිප්තුව දැඩි ලෙස හෙළා දකින බව ද ඊජිප්තු විදේශ ඇමතිවරයා අවධාරණය කර ඇත.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි