උතුරු ගාසා තීරයේ වෛද්‍ය මධ්‍යස්ථානයකට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරය එක්සත් ජාතීන්ගේ චීනයේ නිත්‍ය නියෝජිත Fu Cong මහතා හෙළා දකී.
ඔහු ඒ බව පැවසුවේ ඊයේ (3) ඊශ්‍රායල-පලස්තීන ප්රශ්නය සම්බන්ධයෙන් ආරක්ෂක මණ්ඩලයේ පැවති හදිසි රැස්වීමකදීය.
අදාළ වාර්තාවකට අනුව, 2024 ජුනි දක්වා ගාසා තීරයේ අවම වශයෙන් රෝහල් 27කට සහ වෛද්‍ය ආයතන 12කට 136 වතාවක් ප්‍රහාර එල්ල වී ඇති අතර, ඉන් වෛද්‍ය කාර්යමණ්ඩල 500කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව Fu Cong මහතා පැවසීය.
ජාත්‍යන්තර ප්‍රජාවේ පොදු හඬට සවන් දී, ජාත්‍යන්තර මානුෂීය නීතිය අනුගමනය කරමින්, සියලුම හමුදා මෙහෙයුම් වහාම නතර කරන ලෙස චීනය ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටින බව Fu Cong මහතා ප්‍රකාශ කළේය. ගාසා තීරයට මානුෂීය ප්‍රවේශය සඳහා පනවා ඇති සීමාවන් ඉවත් කරන ලෙසත්, ආධාර ලබා දීමේදී මානුෂීය ආයතනවල ආරක්ෂාව සහ පහසුව සහතික කරන ලෙසත් චීනය ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටී.
ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව පවත්වා ගැනීම, ගාසා තීරයේ සටන් විරාමයක් සාක්ෂාත් කර ගැනීම, මානුෂීය ව්‍යසන අවම කිරීම සහ “ද්වි-රාජ්‍ය විසඳුම” ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගැනීමට චීනය ආරක්ෂක මණ්ඩලයට සහාය දක්වන බව Fu Cong මහතා පවසා ඇත.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි