එක්සත් අරාබි එමිර් රාජ්‍ය ජනාධිපති Mohammed bin Zayed Al Nahyan මහතා හා ඇමරිකා රාජ්‍ය ලේකම් Antony Blinken මහතා ඊයේ(8) Abu Dhabi නුවරදී හමු වූහ.
Mohammed bin Zayed Al Nahyan මහතා එහිදී පැවසුවේ සිවිල් වැසියන් ආරක්ෂා කිරීම වෙනුවෙන් ගාසා තීරයේ සටන් විරාමයක් ක්‍රියාත්මක කළ යුතු බවයි. එහි වැසියන්ට බාධා රහිතව අඛණ්ඩ මෙන්ම සුරක්ෂිත මානවහිතවාදී සහනාධාර සපයමින් බලාත්කාරයෙන් වැසියන් සංක්‍රමණය කිරීම වැළැක්විය යුතු බව ද ඔහු කීය.
පලස්තීන-ඊශ්‍රායල ගැටුම උග්‍ර වීමෙන් කලාපයේ ආරක්ෂාවට තර්ජන එල්ල වීම වැළැක්විය යුතු අතර කලාපීය ස්ථාවරත්වය, ආරක්ෂාව හා තිරසර සාමය සාක්ෂාත් කිරීමේ ක්‍රමවේදයන් සෙවීමට විවිධ පාර්ශ්වය පොදුවේ උත්සාහ දැරිය යුතු බවට එම හමුවේදී දෙපාර්ශ්වය අවධාරණය කළහ.
More Stories
ප්‍රමාද වූ සියලු පාස්පෝට් මාසයක් ඇතුළත නිකුත් කිරීමට පියවර
චීනයේ ග්රාමීයව ජීවත් වන සාමාන්‍ය පුද්ගලයකුගේ වැය කළ හැකි ශේෂය 2024 වසරේ දී කැපී පෙනෙන වර්ධනයක
ගෝලීය කටයුතුවලදී ජර්මනිය සහ යුරෝපා සංගමය වැදගත් කාර්යභාරයක් ඉටු කිරීම, චීනයට සතුටක්– චීන විදේශ අමාත්‍යංශය