සියළු ප්‍රයත්නයන් දරමින් ගාසා තීරයේ කඩිනම් සටන් විරාමයක් ක්‍රියාත්මක කරන ලෙස චීනය යළි ඉල්ලීමක් කර තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ මහ සම්මේලනයේ ඊයේ(9) පැවති නිෂේධ බලය භාවිතය පිළිබඳ සමුළුවේදී චීන නියෝජ්‍ය ස්ථාවර නියෝජිත Geng Shuang මහතා මෙම ඉල්ලීම කර ඇති බවයි වාර්තා වන්නේ.
සෑම දිනකම ගාසා තීරයේ සිවිල් වැසියන් මිය යන අතර තත්ත්වය තවත් උග්‍ර වෙමින් පවතින බව Geng Shuang මහතා එහිදී පවසා තිබෙනවා. ගාසා තීරයේ කඩිනම් සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම ජගත් ප්‍රජාවේ පොදු ඉල්ලීමක් වන අතර එය සාමය යළි ස්ථාපිත කිරීමේ මූලික අවශ්‍යතාව ද වනවා. එහෙත් මෙතෙක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට සටන් විරාමයක් පිළිබඳ එකඟතාවට එළඹීමට හැකියාවක් ලැබී නොමැත. එමෙන්ම පසුගිය දෙසැම්බර් මස 22 වනදා ඇමරිකාව ආරක්ෂක මණ්ඩලයේ දී යළි නිෂේධ බලය භාවිත කිරීම සම්බන්ධයෙන් චීනය සිය කනස්සල්ල හා කනගාටුව පළ කරන බව ද ඔහු ප්‍රකාශ කළා.
සිවිල් වැසියන්ගේ ජීවිත බේරා ගැනීම, කලාපීය තත්ත්වය උග්‍ර වීම වැළැක්වීම හා ද්වී රාජ්‍ය විසඳුම සහතික කිරීම වෙනුවෙන් කඩිනම් සටන් විරාමයක් අවශ්‍ය බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කරන්නේ.
More Stories
ප්‍රමාද වූ සියලු පාස්පෝට් මාසයක් ඇතුළත නිකුත් කිරීමට පියවර
චීනයේ ග්රාමීයව ජීවත් වන සාමාන්‍ය පුද්ගලයකුගේ වැය කළ හැකි ශේෂය 2024 වසරේ දී කැපී පෙනෙන වර්ධනයක
ගෝලීය කටයුතුවලදී ජර්මනිය සහ යුරෝපා සංගමය වැදගත් කාර්යභාරයක් ඉටු කිරීම, චීනයට සතුටක්– චීන විදේශ අමාත්‍යංශය