ඊශ්‍රායල යුද හමුදා ගාසා තීරය ඉලක්ක කරගනිමින් අඛණ්ඩව යුද මෙහෙයුම් පැවැත්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්, ඊයේ(12) එක්සත් ජාතීන්ගේ මහලේකම් António Guterres මහතා සහ එක්සත් ජාතීන්ගේ ආයතන නියෝජිතයින් මේ බව ප්‍රකාශ කළහ.එමෙන්ම ගාසා තීරයේ පවතින මානුෂීය ව්‍යසනය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන ලෙස ද අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.
António Guterres මහතා පසුගිය දා කුවේට් සංචාරයේ දී ප්‍රකාශ කළේ ගාසා තීරයේ පවතින ගැටුම් එහි ජනතාවට දරුණු පීඩා එල්ල කර ඇති බවයි. ඉන් විශාල පිරිසකට නිවාස අහිමිව ඇති අතර ඔවුන් කුසගින්නෙන් පෙළෙමින් සිටී. එමෙන්ම එහි ජනතාව කායික හා මානසික කම්පනයන්ට ලක්ව ඇති බව ද හෙතෙම පැවසීය.එහෙයින් වහාම සටන් විරාමයක් ආරම්භ කරමින් රඳවා ගෙන සිටින පුද්ගලයින් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ගැටුම් හා සම්බන්ධ සියළු පාර්ශ්වයන්ගෙන් යළි ඉල්ලා සිටී.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්