කොවිඩ් එන්නත් නොලැබීම හේතුවෙන් ගැබිනි මව්වරුන් ලක්ෂයක්ම එන්නත් කිරීමේ වැඩපිළිවෙළ අතරමග නතර වී ඇති බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අවධාරණය කර සිටියි.
බොරැල්ලේ පිහිටි එම සංගමයේ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (22 වැනිදා) පැවැත්වූ මාධ්‍ය හමුවේ දී සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා ප්‍රකාශ කලේ ගැබිනි මව්වරුන්ට එන්නත් ලබා දීම සඳහා සෞඛ්‍ය සේවා අධයක්ෂ ජනරාල්වරයා චක්‍රලේඛද නිකුත් කර ඇති බවයි. ගැබිනි මව්වරුන් ලක්ෂයකට අඩු සංඛ්‍යාවකට එන්නත් ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය හා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ප්‍රමුඛතා ලේඛනයක්ද සකස් කර ඇත. ඒ අනුව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් සහ බොරැල්ල කාසල් වීදියේ කාන්තා රෝහලෙන් ගැබිනි මාතාවන් සඳහා එන්නත් කරණය පසුගියදා ආරම්භ කරන ලදී.
මේ වන විට ගැබිනි මව්වරුන් 200කට පමණ එන්නත්කරණය සිදු කර තිබේ.
එන්නත් කරන වැඩපිළිවෙළ නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ නම් එළැඹෙන අගෝස්තු මස 14 වැනි දින වන විට දෙවැනි මාත්‍රාවද ගැබිනි මව්වරුන්ට ලබා දීමට නියමිතව තිබූ බවද සභාපතිවරයා පෙන්වා දුන්නේය.
කෙසේ වුවද අගෝස්තු මස 14 වැනිදා වන විට ගැබිනි මවක් එන්නත ලබාගැනීම ප්‍රතික්ෂේප කිරීමේ අස්ථාවකදී හැර යම් ගැබිනි මවකට කොවිඩ් ආසාදනය වුවහොත් එහි වගකීම වසංගත රෝග විද්‍යා අංශය හා පවුල් සෞඛ්‍ය කාර්යාංශය භාරගත යුතු බව සභාපතිවරයා අවධාරණය කර සිටියේය.
පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අකාරක්ෂ්‍යම භාවය, නිසි සම්බන්ධීකරණයක් නොමැති වීම සහ වැටහීමක් නොමැතිකම හේතුවෙන් ගැබිනි මාතාවන්ට එන්නත් ලබා දීමේ වැඩපිළිවෙළ අකර්මන්‍ය වූ බවද මාධ්‍ය හමුවේ දී විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා පෙන්වා දුන්නේය.
මේ පිළිබඳව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය චිත්‍රාමාලිද සිල්වාගෙන් කළ විමසීමකදී ඇය පැවසුවේ තමන්ට එන්නත් ලැබෙන ආකාරය අනුව ඒ ඒ දිස්ත්‍රික්වල එන්නත් කරණයට ලබා දෙන බවයි. බස්නාහිර පළාතේ ගැබිනි මාතාවන්ට එන්නත් ලබා දීම සඳහා ප්‍රමාණවත් තරම් එන්නත් නොලැබුණු බවද ඇය ප්‍රකාශ කළාය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්