ගැඹුරු මුහුදේ පතල් කැණීම සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවලට චීන නියෝජිත පිරිස බාධා කළ බවට පළ කෙරුණු පුවත්වලට චීන විදේශ අමාත්‍යංශය ප්‍රතිචාර දක්වයි.
ජාත්‍යන්තර මුහුදු පත්ල පරිපාලන අධිකාරියේ රැස්වීමේදී ගැඹුරු මුහුදේ පතල් කැණීම් තාවකාලිකව අත්හිටුවීම පිළිබඳ සාකච්ඡාවලට චීන නියෝජිත කණ්ඩායම බාධා කළ බවට ඇතැම් පරිසර කණ්ඩායම් ප්‍රකාශ කර ඇත.මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකයා පිළිතුරු ලබා දුන්නේය.
ගැඹුරු මුහුදේ පතල් කැණීම් කටයුතු අත්හිටුවීමේ මාතෘකාව ඇතැම් රටවල් විසින් ඉදිරිපත් කර තිබිණ. මහා සභා රැස්වීමේ න්‍යාය පත්‍රයට ඇතුළත් නොකළේ එය ක්‍රියා පටිපාටි නීතිවලට අනුකූල නොවන බැවිනි. චීනය විවිධ පාර්ශ්වයන් සමඟ එක්ව ජාත්‍යන්තර මුහුදු පත්ල පරිපාලන අධිකාරියේ අදාළ වැඩකටයුතුවලට අඛණ්ඩව අනුබල දෙනු ඇත.විද්‍යාව මත පදනම්ව අදාළ ක්‍රියා පටිපාටිය අනුව,ඒ ඒ පාර්ශ්වයන් සමඟ එක්ව ගැඹුරු මුහුදේ ක්‍රියා අඛණ්ඩව සිදු කිරීම හා ගැඹුරු මුහුදේ පරිසරය ඵලදායි ලෙස ආරක්ෂා කිරීමට කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බවද ප්‍රකාශකයා පවසා ඇත.
More Stories
ජනපති චීන නිල සංචාරය අරඹමින් බෙයිජිං නුවරට ළඟා වෙයි
චීනයේ අන්‍යෝන්‍ය සම්බන්ධතාව සහ සන්නිවේදනය තුළින් අඛණ්ඩ ප්රතිලාභ
චීන මාධ්‍ය සමූහයේ වසන්ත උත්සව ප්‍රසංගයේ පළමු පෙරහුරුව පැවැත්වේ